යතුරුපැදියකින් නීතිවිරෝධී සිගරට් පැකට් 400 ක් ප්‍රවාහනය කළ තරුණයෙකු ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ව්‍යාපාරය දිර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා කල්මුනායි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු වන අතර නීතිවිරෝධී සිගරට් බන්ඩල් 400 ක් සැකකරු ලග තිබී ඇත. පොලිස් පරීක්ෂණයට අනුව කල්මුනායි ප්‍රදේශයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ සැකකරු ද සම්බන්ධ බවට සැකයක් තිබේ.
සමන්තුරෙයි පොලිස් ස්ථානාධිපති කේ.ඩී.එච් ජයලලිතාගේ මඟ පෙන්වීම යටතේ සමන්තුරෙයි පොලිස් ස්ථාන අපරාධ විමර්ශන අංශය භාරව සිටින විජයරාජාගේ නායකත්වයෙන් යුත් උප පොලිස් පරීක්ෂක ජැනෝසන් සහ සාජන් රාවුබ්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.