බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කර සිටි පොලිස් පිරිසක් එම නිල නිවාස වසා දමා ගම්බිම්වලට යාමේ සිදුවීමක් සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.
බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කර තිබූ අතර නිරෝධායනයට ලක්කල නිවාසවලට අවශ්‍ය වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව ඇත.
මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර තිබේ.