2021.08.04 දින ගුරු වැටුප් අරගලයේ දී අත්අඩංගුවට ගත් 44 දෙනාගේ නඩු විභාගයක් පසුගිය (04) අවසන් වුයේ පැමිනිල්ලේ පාර්ශවකරුවන් වන පොලිසිය පෙනී නොසීටීමත් අත්අඩංගුවට ගෙන නඩුපැවරිමට අදාළව එතෙක් පොලිසිය විසින් සාක්ෂි ඉදිරිපත් නොකීරිමත් හේතුකොට මෙම නඩුවේ අදාළත්වය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 188 වන වගන්තියට අදාළව කරුණු සලකා බලමිනි. මෙම නඩුවේ ගුරුවරුන් වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා, නිතිඥ ප්‍රෙබා්ධ රත්නායක ඇතුළු කණ්ඩායමක් පෙනී සිටින ලදී.
2021 ජූලි 14 වනදා රථපෙළපාලිවලින් කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා ආපසු යමින් සිටියදී සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු ගුරුවරුන් 44 දෙනෙකුව විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසියේ රඳවාගෙන සිට පසුදින කොටුව මහේස්ත්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ගුරුවරුන්ට එරෙහිව සාක්ෂි සොයන්න පොලීසියට බැරිවෙයි ??
ගුරු වැටුප් අරගලයේ දී අත්අඩංගුවට ගත් ගුරුවරු, විදුහල්පතිවරු 44 දෙනාගේ නඩුව ඒ අකාරයට අවසන් වුවත් මෙම නඩුව වසර 4ක් පුරා පැවතුන අතර කිසිදු සාක්ෂි ගොනු කිරීමකින් තොරව නඩුවාර ගණනාවකට මෙම ගුරුවර ගුරුවරියන් විවිධ පළාත් වල සිට කාලය අපතේ යවා ගනිමින් පෙනී සිටින ලදී.
පැහැදිලිවම දේශපාලන මර්ධන ක්‍රියාවලියක ප්‍රතිපළයක් ලෙස මෙම ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම
සිදුවූ අතර මොවුන්ව මීට පෙරම මෙ නඩුවෙන් නිදහස් කිරීමේ යුතුකමක් රජය පැත්තෙන්ද නැතුවාම නොවේ. 2021 වසරේ පැවැති ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කර ගැනීමට අරගලයේ යෙදීම දේශපාලන හා සමාජ අවශ්‍යතාවයක් බැවින්මත් , නිරෛා්ධායන නීති උල්ලංඝනය කිරීමට මුවාවී ඒවක රජයට මෙම ක්‍රියාකාරීන් මර්ධනය කිරීමට තිබූ උවමනාව රාජ්‍ය හස්තයේ සීමාව උල්ලංඝනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාකාරින්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.


