Friday, September 20, 2024

නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 217ක් යළි වැඩ අරඹයි

Must read

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුල නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කල අතර ඒ අනුව මේ වන විට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ,සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අතරට කටුනායක නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 48ක්ද,බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 35ක්ද, සීතාවක පුර කර්මාන්ත පුරයේ ආයතන 18 ක්ද ,කොග්ගල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 19 ක්ද,හොරණ කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 17 ක්ද, වගවත්ත කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත කලාපයේ කර්මාන්ත ශාලා 04 ක්ද,වතුපිටිවල කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 10ක් හා මාවතගම කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලා 04ක් දැනටමත් සිය සේවා කටයුතු ආරම්භ කර තිබේ.

එමෙන්ම පොල්ගහවෙල වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 05ක්,වතුහිරිපිටිය නිදහස් වෙළද කළාපයේ කර්මාන්ත ශාලා 06ක්,මිරිස්සවල වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 03ක වැඩ කටයුතු ආරම්භ කර ඇත.නුවර කර්මාන්ත උද්‍යානයේ කර්මාන්ත ශාලා 20කද වැඩ ආරම්භ කර ඇත. ඊට අමතරව උතුරු හා නැගනහිර පළාතේ කර්මාන්ත ශාලා 12ක සේවා කටයුතු ආරම්භ කරතිබේ.

(මූලාශ්‍රය – ලංකාදිප )

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article