Saturday, November 16, 2024

වව්නියාවේ හින්දු දේවාලයක කොටස් විනාශ කිරීම ගැන පුරාවිද්‍යාවට චෝදනා

Must read

දෙවන සංස්කරණය – වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ඊයේ මන්නාරමේ පිහිටි ඔහුගේ කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් වව්නියාවේ නැදුන්කේනි හී පිහිටා ඇති  ආදි ලිංගේෂ්වර් හින්දු දේවාලයට අයත් කොටස් විනාශ කිරීම  සම්බන්ධයෙන් විරෝධය ප්‍රකාශ කරන ලදී.
වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පැවසුවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙම සිද්ධිය සිදු කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,,,,

වවුනියාව දිස්ත්‍රික්කයේ වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වවුනියාව – නැදුන්ගේනි වෙඩුකුනරි කන්දේ සිට ආදි ලිංගේශ්වරර් විහාරස්ථානයට වන්දනාකරුවන් යෑම පසුගිය වසර තුනක කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා පොලිසිය විසින් තහනම් කර තිබුණා. වසර 2කට වැඩි කාලයක් මෙහි උත්සවය පවත්වන්න බැරි තත්ත්වයක් අධිකරණය ලබාදී තිබුණා.  මීට දින තුනකට පෙර වේඩුකුනාරි ආදිලිංගේෂ්වර විහාරස්ථානයේ සියලු බිත්ති කොටස් කැඩී  පිළිස්සී තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහය ඇතිව වෙඩුකුනරි කන්ද බෞද්ධ කර එය ආරාමයක් කිරීමට ඔවුන් වසර දෙකකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ උත්සාහයක නිරත වූනා. මෙම  සිදුවීම තරයේ හෙළා දකිනවා.

එසේම උතුරු-නැගෙනහිර දෙමළ ජනයාගේ ආගමික හා සංස්කෘතික සංකේත විනාශ කර ඉතා බරපතළ ලෙස බුද්ධාගම බවට පත් කිරීමට උත්සාහ දැරීම  වහා නැවැත්විය යුතුයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු නැඟෙනහිර ප්‍රදේශයේ විවිධ ස්ථානවල එකී කටයුතු අඛණ්ඩව සිදුකරනවා.

වෙදුකුනාරි ආදිලිංගේෂ්වර විහාරස්ථානය විනාශ කිරීමට එරෙහිව පෙළපාලියක් ලබන 30 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට වවුනියාව කන්දසාමි විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ළඟා වීමට නියමිතය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධකරණයට සහය දැක්වීම සඳහා උතුරු-නැගෙනහිර ප්‍රදේශවල අඛණ්ඩව කටයුතු කරන බවත්, එම පෙළපාලියට සහය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article