Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලය මඩකලපුවේ දි විවෘත වේ

Must read

නැගෙනහිර ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලය පසුගිය 19 වනදා මඩකලපුවේ බහුකාර්ය සමුපකාර සමිති ගොඩනැගිල්ලේ දී විවෘත විය.    ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරම්භක සභාපති එල්.ඒ. දේවා අදිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී ඊ. බක්කියාරසා මහතා සහභාගී වූ අතර කාර්යාලය ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට නැගෙනහිර පළාතේ ප්‍රකට මාධ්‍යවේදීන් ගණනාවක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ  මාධ්‍යවේදී ඊ. බක්කියාරසා මහතා නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගෞරවයට පාත්‍ර විය. පුවත්පත් සාකච්ඡා පැවැත්වීම සහ නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම කාර්යාලය පිහිටුවන ලදී.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article