රුහුණූ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික හිංසන කරමින් අමානුෂික ලෙස නවක වදයට ලක්කර බව එම සිසුවා විසින් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිදුවීම සම්බන්දයෙන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන අැත්තේ මාතර පොලිස් මූලස්ථානයට පැමිණ භාරවීමෙන් අනතුරුවය. අත්අඩංගුවට ගත් පිරිස අතර රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් ජේ්‍යෂ්ඨ සිසුන් 19 දෙනෙකු මෙසේ අත්ඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 19 වනදා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමර මහතා නියෝගකර ඇත. මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 1988 අංක 20 දරණ නවක වධ පණත ඔස්සේය.