Saturday, January 11, 2025

නඩු භාණ්ඩ ලෙස පවතින කඩු – පිහි නැවත භාර දීමට උත්සය කල පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Must read

ඉකුත් අප්‍රේල් 28 වැනි දින වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයක තිබී පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ ලෙස පවතින  මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කර ඇති බව වාර්ථා වෙයි. මේ බව සදහන් කරනු ලැබුවේ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සිදුවීම සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබාදෙමිණි.

මෙම පොලිස් පරීක්ෂකවරයා විසින් මෙම නඩු භාණ්ඩ ඊයේ(06) දින නැවත බාරදීමට සූදානම් වන බව විශේෂ රාජකාරියේ යෙදී සිටි වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයට දැනගැනීමට ලැබී ඇති අතර ඉන්පසුව එම උත්සාහය වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් වලක්වා තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article