(9.00 am )දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන ලෝක මානවහිමිකම් දිනයේදී ලංකාවේ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විරෝධතාවක් පැවැත්වීමට සංවිධාන කිහිපයක් එක්වූහ.
අද දින(10) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට කැදවන මෙම ඒකාබද්ධ විරෝධතාව සංවිධානය කළේ සම අයිතිය ව්‍යාපාරය, දේශපාලන සිරකරුවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරය සහ ජාතිවාදී ජනපදකරණයට එරෙහි ව්‍යාපාරය විසිනි. ඊට අමතරව උතුරේ ජනතා සංවිධාන මෙන්ම වෙනත් බහුජන සංවිධාන රැසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.