රට තුල දූෂණ ක්රියා කරන නිලධාරීන්ට වෙඩි තැබීමට ඕනෑම කෙනෙකුට හැකි බව පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුට්ර්ටේ මහතා පසුගියදා සිය දේශණයකදී පවසා ඇත. ඔහු සතුවත් තුවක්කුවක් ඇතිනම් ඔහු එවැනි දූෂිතයන්ට වෙඩි තබන නමුත් මරා නොදමන බවත් ඔහු එම කථාවේදී සදහන් කර ඇත.
එසේ දූෂිතයන්ට වෙඩි තබන පුද්ගලයන්ට බන්ධනාගාර ගත නොකරන බවත්, පුද්ගලයෙකුට තුවාල කිරීම සම්බන්දයෙන් දඩුවම් ලබාදෙන බවත් එවිට එම පුද්ගලයාට බන්ධනාගාර ගතවීමකින් තොරව නිදහස් විය හැකි බවත් පිලිපීන ජනපතිතුමන් සදහන් කර ඇත.
එමෙන්ම එවැනි දූෂිත නිලධාරීන් කප්පම් ඉල්ලීම් වැනි ක්රියාවන් සදහා ජනතාව පොලබවන්නට උත්සහ දරන්නේ නම් ඔවුන්ට පහර දෙන ලෙසත් ජනපතිතුමන් සිය කථාවේදී ජනතාවට අවසර ලබාදී ඇත.