ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය එන්ජින් සංගමය පවසයි.
ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවලදී වයස අවුරුදු 45ට වැඩි සේවකයන් බදවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් පොරොන්දු වීම මෙසේ වර්ජනය අත්හිටුවීමට හේතු වූ බව වර්ජකයන් පවසයි.