Sunday, September 22, 2024

දැඩි සුළං හේතුවෙන් යාපනයේ කෙසෙල් කොල වල මිළ ඉහළ යයි

Must read

යාපනය නගරයේ හෝටල් වල  ආහාර ලබාදෙනවිට පිගන් මත කෙසෙල් කොලයක් අතුරා අනුභව කිරීමට පිළිගැන්වීම සම්ප්‍රදායකි. මේ දිනවල යාපනය නගරයේ හෝටල් වලට සපයන කෙසෙල් කොල වල හිඟයක් පවතින අතර ඒවා නියමිත ප්‍රමිතියෙන් නොමැති බව හෝටල් සේවකයන් පවසති. මෙයට හේතුව යාපනය දිස්ත්‍රික්කයේ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවක් වී ඇත. එබැවින් කෙසෙල් කොල වැඩිහරියක් ඉරී යන අතර ඒවා ප්‍රෙයා්ජනයට ගතනොහැකි තත්ත්වයට පත්වේ.  සාමාන්‍ය දිනවලට රුපියලට හෝ රුපියල් දෙකට මිළදී ගන්නා කෙසෙල් කොලයක් දැන් රුපියල් 10කට පමණ අළෙවි වන බව ඔවුන් පවසයි. මේ දිනවල යාපනයේ හෝටල් වල කොල පැහැති කෙසෙල් කොල මෙන්ම කහපැහැති වියලි කෙලෙස් කොලද දක්නට ලැබේ. එයට හේතුව කෙසෙල් කොලවල මිල අධික වීමත් කෙසෙල් කොල හිඟ වීමත් බව හෝටල් සේවකයෝ පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article