Tuesday, December 24, 2024

ද්විත්ව පුරවැසිභාවයක් සහිත අයට පාර්ලිමේන්තුවෙන් යන්න වෙයි ! TNA පිරිසකුත් ඒ අතර …

Must read

අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් නොමැත.

කෙසේවෙතත් කිසියම් අයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම අවස්ථාවේ දී සිදුකළ යුත්තේ තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව ද එම කොමිසම සඳහන් කළේය.

මැතිවරණයක් අවස්ථාවේ නාම යෝජනා භාරගැනීමේ දි ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්යය චරිත හේරත් මහතා පවසන්නේ නීති පැනවීමට පෙර ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සිටින්නේ නම් සිය ධුරවලින් ඉවත් වීමට වහාම පියවර ගත යුතු බවය.

මේ අතර විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් දස දෙනකුගේ මන්ත්‍රී ධුරයන් අහෝසි වන හෙයින් නම්බුකාර ලෙස ඉල්ලා අස්වන්නැයි ඔහු ඉල්ලීමක් කළේය.

එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ටද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව හෙතෙම කීවේය.ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

හෙතෙම මේ පිළිබඳව පවසා සිටියේ සම්මත වූ නව 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවකදී අදහස් පළකරමිනි.

 

රටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න ජනතාවට ද්විත්ව පුරවැසිකම ලබාදීම ගැටලුවක් නොවන නමුත් මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කිරීම සඳහා ද්විත්ව පුරවැසියෙකුට බලය ලබාදීම කිසිසේත්ම නොකළ යුතු බව චම්පික අවධාරණය කර සිටියි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේද සඳහන් කළේය.

”1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නාට පසුව ඒ සඳහා බොහෝ විවේචන එල්ල වුණා. මෙමගින් ජනාධිපතිවරයාට ලබාදීලා තියෙන අසීමාන්තික බලතල මඟින් ඒකාධිපතියෙකු බිහිවිය හැකි බවටත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලී යා හැකි බවටත්. නමුත් එම ව්‍යවස්ථාව තුළ වුවත් පාර්ලිමේන්තු බහුතර බලය ජනාධිපතිවරයාගේ පක්ෂයට නොතිබුණා නම් ප්‍රශ්න මතුවන බව 2002 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිදුවූ සිදුවීමෙනුත් 2018 මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුවූ සිදුවිමෙනුත් පෙනී යනවා.

මේ හේතුවෙන් 1994 චන්ද්‍රිකා මහත්මිය සේම 2005 මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා සේ බොහෝ දේශපාලන පක්ෂ කණ්ඩායම් මෙම ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන්නා.

නමුත් පසුව අප 19 ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනමත විචාරණයකට නොගොස් පාර්ලිමේන්තුවාදයත් ජනාධිපති ක්‍රමයත් එකතු කර මිශ්‍ර ක්‍රමයකට 2015දී එළඹුණා. එමගින් ජනාධිපතිවරයා තමන් කැමති යට ඇමති ධුර ලබාදීමේ බලයත් අධිකරණයේ තනතුරු පත්කර අධිකරණයට ඇඟිලි ගැසීමේ බලයත් ඉවත්කර එම බලතල ස්වාධීන කොමිෂන් සභා වලටත් අගමැතිවරයා අතටත් ලබාදීමට හැකි වුණා.

නමුත් රට ඉදිරියට ගෙනියන්න ජනාධිපතිවරයාට අසීමාන්තික බලතල අවශ්‍ය බව කරළියට ඇවිල්ලා 2022දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 20 සංශෝධනය හරහා නැවත 1978 තිබුණා වගේම, අසීමාන්තික බලතල පවරා දීමක් කළා. නමුත් පාර්ලිමේන්තුවේ 2/3 බලය තිබීම නිසා ඔහු ගත් වැරදි මුල්‍ය තීරණ විසින් රට බංකොලොත් තත්වයට පරිවර්තනය වුණා. ඒක නිසා නැවත වතාවක් අධිකරණයේ, පොලිස් සේවයේ, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය පිහිටුවන්න 21ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ.

මේ තත්වය තුළ ඇතැමෙකුට කියන්න පුළුවන් 19 සංශෝධනය තිබුනට වඩා ජනාධිපතිවරයාට බලතල ලැබිලා තියෙනවයි කියලා. ඒකට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන නීතිමය තර්ක ගේන්න පුළුවන් වුණත් ඒක තමයි දැනට පවතින තත්වය. ඒ වගේම ඉතාමත්ම අත්තනෝමතික විදියට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ක්‍රියාකරන්න පටන්ගත්තා ද්විත්ව පුරවැසි ප්‍රශ්නය පිළිබඳව.  දැනට වාර්තා වෙලා තියෙනවා 10 දෙනෙක් ඉන්නවා කියලා. දැන් ඒ ද්විත්ව පුරවැසිභාවය දරණ සියලු දෙනාම නම්බුකාර පිටින් ඉල්ලා අස්විය යුතුයි.

මිනිස්සුන්ට ලංකාවේ ද්විත්ව පුරවැසිකම දුන්නට කමක් නැහැ. රටට ආයෝජන ගේන්න, ව්‍යාපාර දියුණු කරන, රටට තාක්ෂණික උපදෙස් දෙන්න, හැබැයි මහජනයාගේ ස්වෛරී බලය පාවිච්චි කරන දේවල් වලට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ.”

මාධ්‍යවේදීයකු කළ ප්‍රශ්න කිරීම් හමුවේ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.

ප්‍රශ්නය :
අපි දකිනවා පැහැදිලිවම බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක හිටපු කණ්ඩායමක් මේක මග ඇරලා යනවා කියලා. යන අය සහ ජනාධිපතිවරයාට සහයෝගය දීපු කට්ටියත් එක්ක සංසන්දනයක් කරොත් ඔබතුමා මොකද්ද කියන්නේ?

චම්පික :
විදේශගත වෙලා ඉඳලා තිබෙන බව වාර්තා වෙනවා ආණ්ඩු පක්ෂයේ 11 දෙනෙක්. ඡන්දේ දීලා නැහැ 30 පමණ. බැසිල් රාජපක්ෂ මහත්මයාට හිතවත් පොහොට්ටුවේ බලය තියෙන පිරිස දිගටම කිව්වේ අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට දේශපාලනයට එන්න තියෙන අවකාශය වැළැක්වීම සඳහා මේක කරනවා කියලා. එතුමාට අනාගතයේ සමහරවිට පාර්ලිමේන්තුවට එන්න. අග්‍රාමාත්‍ය ධූරය ලබාගන්න, ජනාධිපතිවරණයට තරඟ කරන්න බලාපොරොත්තු තියෙන්න ඇති. එහෙම තිබුණා නම් එතුමා කළ යුතුව තිබුණේ ඇමරිකන් පුරවැසිකම අත්හැරලා එන එක.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු අත්තනෝමතික විදියට ක්‍රියා කළා. ඔවුන් හිතුවා ඔවුන් තමයි පාර්ලිමේන්තුව, ජනාධිපති පාලනය කරන්නේ කියලා. ප්‍රසිද්ධියේම කීවා එයා අපි කියන විදිහට ඉන්න ඕනේ. එයා මහින්ද රාජපක්ෂ මහත්තයා දෙන අණ අනුව ඉන්න ඕනේ කියලා. ඒගොල්ලන්ට හොඳ පාඩමක් 21 ඡන්දෙන් ලැබුණා. තමන්ට113 නෙමෙයි මන්ත්‍රීවරුන් 20ක්වත් නැහැ කියලා ඒගොල්ලන්ට පෙනුණා.
ඒ වගේම ආණ්ඩුව දැන් වහාම විශේෂයෙන්ම දූෂණ මර්දන පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වැදගත් නීති සම්පාදනය කරගත යුතුයි. රටේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීමට මුල්‍ය රෙගුලාසි පනත නවීකරණය කරලා, මහ බැංකුව ස්වාධීන කරලා, ඒ පනත ශක්තිමත් කරන්න ඕනේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් හා මහ බැංකු අධිපතිවරුන් ගැන තීරණ ගැනීමට හැකිවන පරිදි මුල්‍ය වගවීමේ පනත, Responsibility Management එක අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය 1978 ත්‍රස්ත පනත වෙනුවට ශක්තිමත් සයිබර් අවකාශයේ සිදුකරන ත්‍රස්ත ක්‍රියාවන් වලටත් පිළිතුරු දෙන්න පුළුවන් පනතක් ගෙන ඒමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article