Saturday, September 21, 2024

දරුවන් යාචකයන් වශයෙන් යොදාගන්නන් අත්අඩංගුවට ගැනීමට තීරණයක්.

Must read

බලහත්කිරීම් කරමින් කුඩා දරුවන් යොදාගෙන සිගමන්යදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තීරණය කල බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටිනවා. මේ තීරණය ගැනීමට හේතුවී ඇත්තේ පසුගිය සති කිහිපය තුල කොළඹ හා තදාසන්න පළාත්වල දරුවන් යොදාගනිමින් සිගමන් යැදීම සීඝ්‍රයෙන් වැඩිවීම බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසන් පරිදි පසුගිය මාස 3ක කාලයක් තුල වැටලීම් 14ක් සිදුකර ඇති අතර එහිදී දරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉන් 11දෙනෙකු පිරිමි දරුවන් වන අතර 7දෙනෙකු ගැහැණු දරුවන් වන බවයි වාර්ථා වන්නේ. ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 4දෙනෙකු පුනුරුත්ථාපනය සදහා යොමුකර අඇති අතර අනිත් දරුවන් 14දෙනා ඔවුන්ගේ දෙමාපියන්ට භාරදී ඇති බවයි වාර්ථා වන්නේ.
Child-beggars
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article