Monday, December 23, 2024

දමිළ ජනයාගේ නිදහස වෙනුවෙන් දිවිපිදූවන්ට කිලිනොච්චියේදී උපහාර

Must read

 

ශ්‍රී ලංකාව තුළ වසර 30ක් පුරා පැවති යුද්ධයේදී දමිළ ජනතාවගේ නිදහස සහ දේශපාලන අයිතීන් වෙනුවෙන් දිවිපිදූ දමිළ සටන්කරුවන් සිහිකරමින් අද කිලිනොච්චිය  කනකපුරම්  සුසාන භූමියේදී ජනයා  හැඟීම්බරව සිය ඥාතීන්ට උපහාර දැක්වූහ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට හෙබවූ   පසුගිය වසර කිහිපය තුළ මහවිරු සැමරුම්  තහනම් කර තිබූ අතර  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්වූ පසු  නැවත මෙම උපහාර පිදීමේ උත්සවයක් මේ ආකාරයෙන් පවත්වන ලදී.
උපහාර උත්සවය – කනකපුරම් මරවිරු සුසාන භුමිය පරිශ්‍රය රතු සහ කහ කොඩිවලින් සරසා තිබුණි. සවස් වූ විට පහන් දැල්විණි.  

තමරලිංගම් පරමශිවම්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article