Monday, December 23, 2024

දකුණේ මාධ්‍ය වසන් කළ ඇත්ත ලොවට කියු සුගීර්තරාජන්ව අද (24) මඩකලපුවේදි සැමරේ ..

Must read

රාජපක්ෂ රෙජිමය විසින් 2006 ජනවාරි 02 වනදා ත්‍රිමලේ දි ඝාතනය කළ සිසුන් 5 දෙනා ගැන දකුණේ මාධ්‍ය එදා කියා සිටියේ මේ අය හමුදාවට පහර දිම සදහා රැගෙන ආ අත්බෝම්බයක් පුපුරා යාමෙන් මේ අය මිය ගිය බවය.

එහෙත් මේ පචය සුණු විසුණු කරමින් සුගිර්තරාජන් නම් වු ඒ නිර්භිත මාධ්‍යවේදියා මෝචරියට ගොස් ගත් ඡායාරූප වලින් පැහැදිලිව හෙළිව තිබුනේ මේ සිසුන්ගේ සිරුරු තුල වු වෙඩි පහරවල්ය.

මරණය පෙනි පෙනි තිබෙන යුගයක වුව සුගිර්තරාජන් විසින් මේ ඇත්ත ලෝකයට හෙළිදරව් කිරිමට මැලිවුයේ නැත.

දකුණේ බහුතරයක් මාධ්‍ය විසින් දකුණේ ජනතාව මත පච වපුරමින් සිටියදි රාජපක්ෂ රෙජිමයේ තවත් ම්ලේච්ජ ඝාතනයක් ලෙසින්  ත්‍රි මලේ සිසු ඝාතනය සුගිර්තරාජන් හෙළකර සිටියේය.

මඩකලපුවේ මාධ්‍ය ක්‍රියාකාරින් සහ සමාජ ක්‍රියාකාරින් එක්ව අද පෙරවරුවේ ගාන්ධි උද්‍යානය අසලදි 17 වෙනි සුගිර්තරාජන් සැමරුම සංවිධානය කර තිබුණි

රාජපක්ෂ රෙජිමය විසින් ඝාතනය කළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉල්ලා ක්‍රියාත්මක අරගයලයේ තවත් වැඩසටහනක් උතුරු නැගෙනහිර සහ දකුණේ මාධ්‍ය ක්‍රියාකාරින්ගේ මුලිකත්වයෙන් පෙබරවාරි 11 වනදා මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලදි පැවැත්වේ .

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article