Monday, January 13, 2025

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා

Must read

ආහාර සොයා සිදුකළ සංචාරයකදී දියවැලකට හසුව ශ්‍රී ලංකාව දෙසට පැමිණ ඇති බවට අනුමාන කරන ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

සත්ත්වයා නැරඹීමට අවශ්‍යනම් මීටර 20කට  වැඩි දුරකින් සිට නරඹන ලෙසත් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. යම් හෙයකින් නරඹන්නන් හේතුවෙන් සත්ත්වයා කලබලයට පත්වුවහොත් සපා කෑම් පවා සිදුවිය හැකි බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මෙම සත්ත්වයා පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍ර ඒකකය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරතුරුවම අවදානයෙන් සිටින අතර මේ කාල සීමාව තුල එම සතුන්ගේ පැවැති සම ඉවත් වී අලුත් සමක් වර්ධනය වන වන අතර එම කාලය තුල සත්ත්වයාට විවේකය අවශ්‍ය බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article