Monday, November 25, 2024

තෙවැනි පාර්ශ්ව වට්ස්ඇප් යෙදුම් භාවිතය අවලංගු කිරීමට තීරණයක්

Must read

නිල වට්ස්ඇප් යෙදුමට පරිභාහිරව තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිත කරන්නන්ගේ ගිණුම් අවලංගු කිරීමටෆේස්බුක් සමාගම තීරණය කරඇතැයිශ්‍රී ලංකා පරිවර්තන සමුහයේසභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසයි.

GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදි විවිධ නව නාමයන් හරහා වට්ස්ඇප් යෙදුම් භාවිතයට ලක්වන දුරකථන අංක හා ඔවුන්ගේ පැරණි සංවාදවල පිටපත් සියල්ලනැවත භාවිතයටගත නොහැකි වන සේ ඉවත්කිරීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

තෙවැනි පාර්ශ්වයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිළිබඳ ෆේස්බුක් ආයතනයට වගකීමක් දැරීමට නොහැකි නිසා මෙම පියවර ගෙන ඇතැයි වට්ස්ඇප් සමාගමෙහි නියෝජිතයෙකු ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දැනුවත් කළ බවද ඒමහතා පවසා සිටියි.

නිල වට්ස්ඇප් යෙදුමඑක් පරිශීලක ගිණුමක් ලෙස භාවිත කිරීමට හැකියාව තිබෙන බැවින් එදිනෙදා ජීවිතයේදී දුරකථන අංක කිහිපයක් භාවිත කරන බොහෝ වට්ස්ඇප් පරිශීලකයන් තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරනලද වට්ස්ඇප් යෙදුම් භාවිතය සඳහා යොමුවී තිබෙන බව රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පෙන්වා දෙයි.

තෙවැනි පාර්ශ්වයක් මගින් නවීකරණය කර තිබෙන වට්ස්ඇප් යෙදුම් භාවිත කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යෑමටසිදුකළ යුතුදේ වට්ස්ඇප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article