Saturday, January 11, 2025

තිරිගු පිටි මිල ඉහළ දැමීම නීතිවිරෝධී බව පාරිභෝගිය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි

Must read

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම කටයුතු කර තිබේ.තිරිගු පිටි නියෝජිතයන් පවසන්නේ සමාගම විසින් මෙසේ පිටි මිල ඉහළ දමන ලෙස තමන්ට දැනුම් දුන් බවයි.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් පාරිභෝගිය අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසන්නේ තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් වශයෙන් නම් කර තිබීම හේතුවෙන් සමාගම් වලට අවශ්‍ය ආකාරයට තිරිගු පිටි මිල සංශෝධනය කල නොහැකි බවත් මේ ආකාරයෙන් මිල වැඩි කිරීම නීති විරෝධී බවත්ය.

මෙම මිල වැඩිවීමත් සමග ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. සිල්ලර කාසි හිගය හේතුවෙන් මෙලෙස එකවර රුපියල් 10කින් පාන් ගෙඩියක මිල ඉහල දමන බවත් වෙනත් බේකරි නිශ්පාදන වල මිලද ඉහල යනු ඇති බවත් ඒ පිළිබදව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article