රාජපක්ෂලා විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර ජනතාව වෙතට දැවැන්ත පිඩනයක් එල්ල කළ සමයේ දකුණේ බහුතරයක් දෙනා නෑසුකන්ව සිටියහ.
යුද්ධයේ අවසන් සමයේ හමුදාවට භාරවු දහස් ගණනකට අදටත් වෙච්ච දෙයක් නැතිවා පමණක් නොව ඒ ජිවිත කිසිදු හැගිමක් දකුණේ තිබුනේ නැති බව අදටත් පැහැදිලිය.
අතුරුදන් වුවන් අදටත් මව්වරු අරගලයක නිරතව සිටින්නේ සිය අදරැතියන්ට සිදුවුයේ කුමක්දැයි කියනා ලෙස දකුණේ රජයට බලකරමිනි.
දමිළ ජනයාට අයත් අක්කර දහස් ගණනත් අදටත් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටිති.
දශකයකටත් වැඩි කාලයක් නඩු නැතිව පවා හිරගෙවල් වල ලගින දෙමළ සිරකරුවන් සිටිති.
මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් 44දෙනෙකු රාජපක්ෂලා විසින් ඝාතනය කරනු ලදි.
හිරිමල් යොවුන් වියේ පසුවන තරුණ දරුවන්ව කප්පම් ගැනිම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කළ හමුදා ලොක්කන්ව නඩු වලින් නිදහස් කොට දැන් තනතුරු පවා පිරිනමන තත්වයකි.
Trinco 5නමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වු තරුණ දරුවන් 5දෙනෙකුව මිට වසර 17කට ඉහතදි ත්‍රිකුණාමලයේදි හමුදාව විසින් ඝාතනය කරන ලදි.
චෝදනා ලැබ සිටි හමුදා නිලධාරින් නඩු වලින් පවා නිදහස් කර හමාරය.
මෙම තරුණයන් හමුදාවට එල්ල කිරිමට රැගෙන ආ අත්බෝම්බයක් පිපිර යාමෙන් මේ අය මිය ගිය බවට දකුණේ ජනමාධ්‍ය වලද සහයෙන් සමාජ ගත කර තිබුණිද මෙම අසත්‍යයට එරෙහිව ක්‍රියාත්මක වු නැගෙනහිර එක් මාධ්‍යවේදියෙකු මෙම වෙඩි තබා කළ ඝාතනයක් බව ලොවටම හෙළවිය.
ඒ වෙඩි තැබිම නිසා මිය ගොස් සිටි මේ තරුණයන්ගේ සමිප ඡායාරුප ගනිමින් සුගිර්තරාජන් නම් වු නිර්භිත මාධ්‍යවේදියා ලෝකයෙන්ම වසන් කරන්නට රාජපක්ෂලා හැදු බොරුව සුනු විසුනු කර දැමිය.
මෙම හෙළිදරව්වෙන් සති 2 තුනකට පමණ පසුව ජනවාරි 24 වෙනිදා සුගිර්තරාජන්ව වෙඩි තබා ඝාතනය කර තිබුණි
මේසා දැවැන්ත කම්පනයක් උතුරේ සහ නැගෙනහිර ජනයා මත මුදා හැර තිබියදි ඒ අයගේ ප්‍රශ්ණ ගැන දකුණේදි මතක් වුනේ කියෙන් කි දෙනාටද.විශේෂයෙන්ම දකුණේ වාමාංශික දේශපාලන පක්ෂ කණ්ඩායම් ඉතා පැහැදිලි ලෙස තක්කඩි ප්‍රතිපත්තියක් මේ සියළු කරුණු අරභයා ක්‍රියාත්මක කරමින් සිටිම සැබැවින්ම පිළිකුල් සහගතය.
ත්‍රස්ත පණත යටතේ අත්අඩංගුවට පත්ව සිටින වසන්ත මුදලිගේට එරෙහිව ක්‍රියාත්මක රාජ්‍ය මර්ධනය පමණක් දකුණේ මේ දේශපාලන ක්‍රියාධරයන්ගේ හෘද සාක්ෂියට දැනෙන්නේ ඔවුන් අනෙකා පිලිබදව නිවරදි දේශපාලන ස්ථාවරයක් නැති නිසාමය.එය දේශපාලන තක්කඩිකම හැරෙන්නට අන් කවරක්ද?
පහත අප පළකරන්නේ BBC සංදේශය වෙබ් අඩවිය විසින් Trinco 5 සිදුවිම ගැන ලියවුන ලිපියකි.
මේ දරුවන්ට යුක්තිය ඉටු කිරිමේ අරගලය ඒ දරුවන්ගේම දෙමව්පියන්ගේ කරමතට වැටි තිබේ.
මේ සියළු ඝාතන වලට සෘජුව හෝ වක්‍රව ප්‍රධාන වශයෙන් වගකිව යුතු ගෝ්‍ඨාට එරෙහි අරගලය ගෝඨාගෝගමින් එහාට රැගෙන යා යුත්තේ එබැවිනි.
විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කොට තවත් සිසුන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් දහතුන් දෙනෙකු සියලුම චෝදනාවලින් නිදහස් කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත් මොහොමඩ් හංසා කියා සිටියේ මූලික නඩු විභාගය තවදුරටත් පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවය.
ත්‍රිකුණාමලයේ පදිංචි කරුවන් වූ මනෝහරන් රජීහරන්, යෝග රාජා හේමචන්ද්‍රන්, ලෝහිත රාසා රෝහන්, තංගදොරෙයි ශිවනාදන්, ෂම්මුගරාසා ගජේන්ද්‍රන් යන පස්දෙනාට මෙසේ වෙඩිතබා ඝාතනය කොට තවත් දෙනෛකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම, 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීම, 32 වගන්තිය යටතේ පොදු චේතනාව ඇතුළු චෝදනා පහළොවක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරීවරයෙකු ඇතුලු නිළධාරීන් දොළොස් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු විත්තිකරුවන් ලෙසින් නම් කරනු ලැබ තිබුණි.
මෙම නඩු විභාගය සඳහා පුද්ගලයන් 36 දෙනෙකු සාක්කි කරුවන් හැටියට නම්කර තිබුන අතර සිද්ධියෙන් පසුව විදේශගතව සිටින අට දෙනෙකු සාක්ෂි දීම සඳහා ඉදිරිපත් නොවූහ. නඩු භාණඩ හතක් අධිකරණයට ඉදිරිපත් කර තිබුනි. සාක්ෂි දීම සඳහා නොපැමිණි අට දෙනා අතර සිද්ධියෙන් තුවාල ලබා දිවි ගලවාගත් සිවුවන සහ අටවැනි සාක්කිකරුවන් ද සිටින බව අධිකරණයේ දී අනාවරණය විය. ඔවුන් ඇසින් දුටු සාක්ෂි ලෙස සඳහන් වී තිබුණි.
කෙසේ නමුත් නඩුව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණයේ දී ප්‍රකාශයට පත් විය.
විත්තිකරුවන් වෙනුවෙන් ධනුෂ්ක මැඳගෙදර සහ එස් චන්ද්‍රසිරි නීතිඥවරුන් පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේවන්තුව වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඩිලන්ත රත්නායක පෙනී සිටියේය.
2006 වසරේ ජනවාරි 02 දින සිසුන් පස් දෙනා අත් බෝම්බයක් දමා ගැසීමට උත්සාහ කිරීමේ දී එය ඔවුන් ‘අතේ ම පුපුරා යාම’ නිසා මරණ සිදුවූ බව එවක සිදු කළ පරීක්ෂණවලදී කියවිණි.
නමුත් මළ සිරුරුවල වෙඩි සලකුණු ඇති බවට සාක්ෂි ඉදිරිපත් වීමෙන් අනතුරුව ඒ පිළිබඳ යළි පරීක්ෂණයක් පවත්වන ලෙසට මානව හිමිකම් සංවිධාන වලින් රජයට බලපෑම් එල්ල විය.
අන්තිම ඇමතුම
සිය පුතු වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීම සඳහා නොනිමි උත්සහයක නිරත වන බව ඝාතනයට ලක් වූ එක් සිසුවෙකුගේ පියෙකු වන වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් මීට පෙර පවසා තිබිණ.
”මගේ පුතා රජිහරන් එයාගේ යාළුවෝ හමු වෙන්නයි ගාන්ධි ප්‍රතිමාව අසලට ගිහින් හිටියේ. මුහුද පැත්තෙන් අපිට බෝම්බයක් පිපිරෙන සද්දයක් ඇහුණා. රජිහරන් එයාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ. කෙටි පණිවුඩයක් පමණක් ලැබුණා ‘තාත්තේ’ කියලා.” රජිහරන්ගේ පියා වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය සමග සාකච්ඡාවකට එක් වෙමින් 2016 වසරේදී පැවසීය.
එම අවස්ථාවේ තමා සිද්ධිය වූ දෙසට ගිය නමුත් ආරක්ෂක අංශ විසින් එම ස්ථානයට ඇතුළු වීම වලක්වා ලූ බව වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් වැඩිදුරටත් සඳහන් කළේය.
මෘත ශරීරාගාරයට ගිය තමාට සිය පුතුගේ හිසෙහි පසුපස ප්‍රදේශයේ වෙඩි වැදුණු ළකුණු පහක් දකින්නට ලැබුණු බව වෛද්‍ය මනෝහරන් කියා සිටි බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවක දැක්විණි.
ඝාතන සිදු වීමෙන් අනතුරුව තම පවුලේ සෙසු සාමාජිකයන් වෙත තර්ජන එල්ල වූ බැවින් තමන් සියලු දෙනාම ශ්‍රී ලංකාව හැර ගිය බවත් වෛද්‍ය මනෝහරන් කාසිපිල්ලේ සඳහන් කළේය.