Monday, December 23, 2024

ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති සිවලිංගම්ලා ගැන දකු⁣නේ සටන් පාඨ කියැවෙන හෙටක් …?

Must read

ජයවේවා..!
පසුගිය වසර 16ක් තිස්සේ සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවෙකු වන සිවලිංගම් අරූරන් විසින් රචිත #ආතුරසාලෙයි නවකතාව හොඳම දෙමළ සාහිත්‍ය නවකතාවට හිමි සම්මානයෙන් පිදුම් ලබයි. ඉංජිනේරු උපාධිධාරියෙක් දෙමළ නවකතා 7ක් සහ ඉංග්‍රීසි නවකතා 1ක් ලියා ඇත

—————————————-

අවුරෝරන් මොරටුව විශ්වවිද්‍යාලයේ සිටියදී ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 16ක් රඳවාගෙන සිටි අතර ඔහුගේ නඩුව තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතී. ඔවුන් සියලු දෙනා නිදහස් කර මේ මාරාන්තික නීතිය අහෝසි කළ යුතුයි. යන සටහන දකුණේ සටන්කාමි මාධ්‍යවේදියෙකු වන තරිදු උඩුවේගෙදර සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුණි.,

තරිදුලාද මැදිහත්ව ක්‍රියාත්මක දකුණේ අරගලය තුල ත්‍රස්ත පණත යටතේ සිරගත කොට ඇති දකුණේ අරගලකරුවන් ගැන පමණක් සටන්පාඨ බැනර් රැගත් උද්ඝෝෂණ නිති පතා සිදුකරද්දි , උතුරේ නැගෙනහිර සිය නිදහස පතා අරගල කළ අය ත්‍රස්ත පණත යටත් වසර ගණන්  අධිකරණ ක්‍රියාමාර්ග පවා නොමැතිව සිරගත කොට තබා ගැනිම ගැන අවධානයක් යොමුව තිබුනේ නැත.

තමන් නිදහස් කරන ලෙස ඉල්ලා දින 12 ක් තිස්සේ උපවාසයක් කළද දකුණේ අරගලකරුවන්ට ඒ වෙනුවෙන් බැනර් එකක ප්‍රදර්ශණය කිරිමට නොහැකිවම අප තේරුම් ගන්නේ කෙසේද ?

සැබැවින්ම දකුණේ අරගලකරුවන්ගේ ප්‍රගතිශිලිත්වයේ තරම මණන කදිම ලිට්මස්  ටෙස්ට් එකවන්නේ මෙය නොවේද ?

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article