මේ දිනවල සිදුවෙමින් ඇති මාර්ග අනතුරුවලින් සැලකිය යුතු ජීවිත ගණනක් දැනටමත් අහිමිව ගොසිනි.
මේ අනතුරු වලින් වැඩිම ජිවිත ගණනක් අහිමිව ගොස් ඇත්තේ පුද්ගලික බස් රථ අනතුරු වලින් විය හැක.
අධික වේගය මෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරමින් සිදුකරනු ලබන වගකිම් විරහිත රිය ධාවනය මේ වන විටත් අහිංසක ජිවිත රැසක් බිලිගෙනය.
විනය ගරුක රිය ධාවනයක් ඇති කිරිම සඳහා රජයන් ගණනාවක් යටතේ විවිධ උත්සාහයන් ගෙන තිබුනද ඒවායේ ප්‍රගතියක් ඇති බවක් නොපෙනේ.
කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ බස්රථ අනතුරු සිදුව තිබුනේ එක් බස් රථයක් පිටුපසින් ඉදිරියේ තිබුන බසයේ ගැටීම හේතුවෙනි.
මිය ගණන 5ක් බව වාර්තා වේ.