Friday, September 4, 2026

මුහුදේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 9 දෙනෙකුට අධිකරණය දුන්න තීන්දුව..

Must read

පසුගිය ජූලි මස 22 වන දින තලෙයිමන්නාරම් මුහුදු සීමාවේ දී දේශ සීමාව ඉක්මවා මසුන් ඇල්ලීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 9 දෙනෙකුට මන්නාරම අධිකරණය අද තීන්දුව ප්‍රකාශ කළේය.

යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් තලෙයිමන්නාරම් නාවික හමුදාව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මන්නාරම දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දී තිබුණි.

ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නඩු පැවරිමට කටයුතු කර තිබුණි.

ධීවරයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව, අධිකරණ නියෝග මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.

අද යළි මන්නාරම අධිකරණයට කැඳවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත් වරයා විසින් පහත පරිදි තීන්දුව ලබා දෙන ලදී.

1. 1 සහ 2 වන චෝදනා: ධීවරයන් 9 දෙනාට ම වසර 10ක සිර දඬුවමක්. කෙසේ වෙතත් එම දඬුවම මාස 12කට අත්හිටුවා ඇත.
2. 3 වන චෝදනාව: එක් එක් ධීවරයාට රු. 250,000 බැගින් දඩ නියම කරන ලදී.

මෙම තීන්දුවත් සමඟ වසර ගණනාවක් තිස්සේ දෙරට අතර මතභේදයට තුඩු දී ඇති දේශසීමා ඉක්මවා මසුන් ඇල්ලීමේ ගැටලුව නැවතත් කතාබහට ලක්ව ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article