Friday, January 10, 2025

ට්‍රෝජන් අලින් සමග සුළුතර ආණ්ඩුවක් !

Must read

Cartoon 01වත්මන් තත්ත්වය පිළිබඳ ව ශ‍්‍රීලනිප අමාත්‍යවරයෙකුගෙන් අප කල විමසීමකදී හෙට දිනයේදී  (16) වන දින සුළුතර ආණ්ඩුවක්  සෑදීමට කටයුතු කරන බව පැවසීය.  ඒ අනුව එජාපයෙන් 7 දෙනෙක් තමන් එක්කරගන්නා බවත්,  එවිට එජාපය 99 නවයක් දක්වා පහත බසින බවත්,  ශ‍්‍රීලනිප 103 දක්වා ඉහළට එසෙවෙන බවත්, ප‍්‍රකාශ කොට සිටියේය.  ඔබ කියන ගණන් ගැනීම අනුව දැනටමත් එජාපය 106 සිටින නිසාත්, ඔබතුමන්ලාට සිටින්නේ 96 නිසාත්,  එසේ නොකෙට පහසුවෙන් ම සුළුතර ආණ්ඩුවක් එජාපයට සෑදිය හැකි නේදැයි අප ඇසූ ප‍්‍රශ්ණයට ඔහු කිසිඳු පිළිතුරක් නොදී සිටියේය.

කෙසේ වෙතත් එජාපය තනි ආණ්ඩුවක් සදා දූෂිතයින්ට දඩුවම් දේ යැයි මර බියට පත් රාජපක්‍ෂවාදීන් හා ඒ හා සම්බන්ධ හොර කණ්ඩායම් මෙම තීරණය ස්ථාපිත කිරීමට වියරුවෙන් මෙන් හැසිරෙන බවක් පෙනෙන්ට තිබේ. ශ‍්‍රිලනිප එජාප යන දෙපාර්ෂවය ම ආණ්ඩුව කරද්දි හොරුන් අල්ලනට ගිය සෑම අවස්ථාවකදීම ඊට බාධා පැමිණි බවත්. එජාප තනි ආණ්ඩුවකින් ඔවුන් නිදැල්ලෙ මෙසේ ඉන්නට නොදෙන බවත් එජාප ක‍්‍රියාකාරිකයෙක් අප සමග පැවසීය.
1994 දී බලයට පත් ශ‍්‍රිලනිප ය දැන් වසර 24 ක ආණ්ඩු කරමින් සිටී. ඉදිරි දැක්මක් නැති ශ‍්‍රිලනිපය මෙතරම් රට අරාජිකව පවතිද්දී රටේ න්‍යාය පත‍්‍රය පසෙකලා තම අතිශය පෞද්ගලික න්‍යාය පත‍්‍රයන් වෙනුවෙන් කටයුතු කිරීම ගැන දේශපාලන ලෝකයම ජුගුප්සාවෙන් යුතුව හෙළා දකී.
මෙහිදී තවත්   දේශපාලන මතධාරීන් විශ්මය පළ කරන්නෙ සියයට 39.63 ලබාගත් එජාප නායකයාට සියයට 13.38 ශ‍්‍රීලනිප නායක ඉවත් වෙන්නැයි කියන විකට කතාව පිළිබඳවය..මෙම තත්ත්වය අනුව තවත් රට අරාජික වෙමින් විනාශයේ දිශාවට ගමන් ගන්නා බවත් අනාගත පිළිබඳ කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවත් ජනතාව තුළ විශාල බියක් ද පැතිරෙමින් තිබේ.
මේ අතර ශ‍්‍රීලනිපයේ තවත් කොටසක් මෙම තත්ත්වය පිළිබඳව අදහස් පළ කරමින් වර්තමානයේ සිටින සූරතම දේශපාලකයා රනිල් වික‍්‍රමසිංහ මහතා බවත්, ඔහුගේ ඉවසීමත් දේශපාලනයේ ඇති අතිසූක්‍ෂම අවබෝධයත් නිසා මෙම ගනුදෙනුවේ දී එජාපයෙන් මේ එවන්නෙ ඉතාම විශ්වාසවන්ත ට්‍රෝජන් අලීන් බවයි.  මෙසේ ආණ්ඩුවක් පිහිටුවා මාසකින් දෙකකින් ට්‍රෝජන් අලින් නැවතත් එජාපයට ගියහොත් ශ‍්‍රිලනිපය තම පක්‍ෂයේ දරුණුතම පරාජය හිමිවන බවට ඔවුන් තුළ විශාල බියක් හටගෙන තිබේ.
කවුරු මොනවා කීවත් මහජනතාවගේ පාර්ශවයෙන් බලන අපට කීමට ඇත්තේ කෝටී දෙකක ජනතාවක් ලන්සු තබමින් අතිශය පෞද්ගලික මෙම දේශපාලන සෙල්ලමට දැන්වත් තිත තබන්නැයි කරන දැඩි විරෝධයයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article