Friday, September 20, 2024

ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඉන්දීය කණ්ඩායමට අවසර?

Must read

ඉන්දීය රජය විසින් අවසර ලබාදෙන්නේ නම් හා ඉන්දීය ක්‍රිකට් කණාඩායමේ ආරක්ෂාවට ගැටලුවක් නොවන්නේ නම් එළඹෙන ජුලි මාසයේදී සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමහ හැකි වනු ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

මෙසේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සිය අදහස ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඇති හැකියාව විමසීමට ප්‍රතිචාර වශයෙනි.

ඒ අනුව දැඩි නිරෝධායන නීති අනුව හා බොහෝවිට ප්‍රේක්ෂකයන්ට විවෘත නොවන ආකාරයට එක්දින තරග 3ක් හා T20I තරග 3කින් සමන්විත තරගාවලියක් ජුලි මාසයේදී සංවිධානය වීමට ඉඩ ඇති බවවාර්ථා වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article