Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

” ජාතිවාදීන්ට නොව විද්‍යාඥයින්ට ඇහුම්කන් දෙන්න ”

Must read

අද (20) කල්මුණේ දී කොවිඩ් 19 අසාධනයෙන් මියයන සිරුරු පිළිස්සීම නවතා මුස්ලිම් ආගමික හා සංස්කෘතික චාරිත්‍ර වලට ගරු කරමින් දේහයන් භුමදානය කිරිමට අවසර දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක් පැවැත්විණී. මෙම සාමකාමී විරෝධය වෙනුවෙන් මුලිකත්වය ගෙන කටයුතු කළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්මුනායි මැතිවරණ කොට්ඨාශයේ  හිටපු සංවිධායකවරයකු සහ කල්මුනායි මහ නගර සභාවේ හිටපු සාමාජිකයෙකු වන එම් රියාස් මහතා වන අතර දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට සහභාගී වූශ.  නැගෙනහිර ජාතික විමුක්ති ව්‍යාපාරයේ නායක වාෆා බාරුක් මහතා ද මෙම විරෝධයට සහභාගී වන ලදී.

අධික වර්ෂාපතනයක් සහිත දිනයක් වූ අද කල්මුණේ අමානා බැංකුව ඉදිරිපිටදී දුෂ්කරතා මද්‍යෙය් වුව මෙම විරෝධතාවය පැවැත්වීනි.   ‘ අපගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂාකරගනිමින්  ” ජාන්සා ” පිලිගන්න, ” විද්‍යාව පිළිගන්න”  ” ජාතිවාදය අත්හරින්න ”  ” විශේෂඥයින්ට ඇහුම්කන්දෙන්න” ජාතිවාදයෙන් තොර විද්‍යාත්මක ප්‍රවේශයකින් ක්‍රියාකරන්න ”  වැනි අදහස් ත්‍රෛයි භාශාවෙන් ලියා තිබුණි.


දේවා 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article