ඩෙංගු වසංගත තත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවීම හේතුවෙන් ජාතික රෝහල තුල ක්‍රියාත්මක වූ විශේෂිත ඩෙංගු වාට්ටුව මේ සතියේ සිට වසා දැමීමට තීරණය කර ඇති බව කොළඹ ජාතික රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංග හ මහතා පවසා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර දිනකට රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් පමණ වූ අතර මේ වන විට එම රෝගීන් සංඛ්‍යාව 185ක් දක්වා අඩුවී ඇති බවයි වෛද්‍ය ජාසිංහ මහතා පවසන්නේ.
මෙම ඩෙංගු වාට්ටුව වසා දැමුණත් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා වෙනත් වාට්ටු 16ක් රෝහල තුල ක්‍රියාත්මක බවත් වැඩිචුරයත් අදහස් දක්වමින් වෛද්‍ය ජාසිංහ මහතා පවසා තිබෙනවා.
