Wednesday, January 8, 2025

ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයේ පළමු තැන ලංකාවට

Must read

ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ යූ. ජී. දිදුල ආදිත්‍ය ශිෂ්‍යයා  සමත්වී ඇත.

මෙම තරඟය ජපානයේ සගමිහාරා නුවර,කනගාවා හිදී පසුගිය 23 සහ 24 යන දෙදින තුළදී 15 වන වරටත් පැවැත්විණි.

මෙම තරඟය සඳහා ආසියා ශාන්තිකර කලාපීයේ රටවල් රැසක තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූ බවත් ඒ අතරින් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවත් ආතර් සී.ක්ලාක් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ  අභ්‍යවකාශ විද්‍යාව නංවාලීම අරමුණු කරගෙන ආතර් සී ක්ලාක් ආයතනය මීට වසර 14 කට පෙර ජල රොකට් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවට හදුන්වාදී තිබුණි.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ජලරොකට් නිර්මාණ තරඟ සඳහා ඉදිරිපත් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බවද ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා කියයි.

ඒ අනුව 2017 වසරේ දී ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟයෙන්ද, 2018 වසරේදීද, 2019 වසරේ ජපානයේ පැවති තරඟයෙන් ද වශයෙන් පිටපිට තෙවරක්ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකීක දරුදැරියන් සමත්වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

(ජාත්‍යන්තර ජල පීඩන රොකට් තරඟය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ ඩී.කේ.ඒ.ඩී චතුරංග , රූමානා රියසත්,යු.ජී දිදුල ආදිත්‍ය,බී.එම්.සචින්ත යශෝමාල්.කේ.ඩබ්.එස්.ජේ.බී කරදගොල්ල සහ ජවිරු පසන්ජිත් යන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කුමුදු කරවිට ගුරු මහත්මිය ආතර් සී ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉන්ජිනේරු සනත් පනාවැන්නගේ මහතා ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා යන අය මෙම ඡායාරූපයේ පෙනී සිටිති.)

 

(උපුටාගැනීම –  ලංකාදීප)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article