Tuesday, January 7, 2025

ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට

Must read

රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක් මිල හා ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් මෙරටට ආනයනය කරන ජපන් වාහන වල මිල ඉහළ යා හැකි බව ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතාට අනුව රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක මිල 1.62 සිට 1.70 දක්වා ඉහළ ගොස් අැති අතර ඒ හේතුවෙන් ජපන් වාහනයක මිල රුපියල් 50,000 සිට 500,000ක පරාසයක් තුල ඉහල යා හැකිය. ඒ හේතුවෙන් ඔහු වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නට පවසන්නේ අළුත් තොග වෙලදපොලට පැමිණීමට පෙර පවතින තොග වලින් තමන්ට අවශ්‍ය වාහනය මිලදී ගන්නා ලෙසටයි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයට අනුව

  • Suzuki Alto Japan – Rs.50,000
  • Suzuki Wagon R, Suzuki Spacia, Toyota Vitz –  Rs.110,000
  • Toyota Passo – Rs. 100,000
  • Toyota Axio – Rs.200,00
  • Toyota Premio – Rs.200,000
  • Honda Vezel – Rs.200,000
  • Honda CR-V – Rs.300,000
  • Toyota C-HR – Rs. 220,000
  • Toyota Land Cruiser Prado – Rs.500,000 වශයෙන් වාහන මිල ඉහළ යා හැකිය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article