Thursday, September 19, 2024

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වූ පන්දම් රැලියට පොලීසියෙන් බාධා

Must read

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද (06) පස්වරු 06.30ට මුලතිව් නගරයේ පන්දම් දල්වා ගැනීමේ උද්ඝෝෂණයක් පැවැත්වෙද්දී මැතිවරණ නිලධාරියා සහ පොලිසිය එක්ව එම උද්ඝෝෂණය  නවතා දමන ලදී.

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් මුලතිව් වටරවුම අසල පන්දම් රැගෙන උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා හිටපු ආධාරකරුවන් 25කට අධික පිරිසක් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලතිව් දිස්ත්‍රික් මැතිවරණ ලොබි කාර්යාලයට රැස්ව සිටි අවස්ථාවේදී මුලතිව් මැතිවරණ නිලධාරීන් සහ පොලිසිය එය  නැවැත්වීමට මුලතිව් මැතිවරන නිලධාරීන්ද සමග පැමිණ සිටිනු ලදී.

මෙම  කටයුතු මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බැවින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවට පොලිසිය අනතුරු ඇඟවීමෙන් පෙළපාලිය  නතර කෙරිණි.

පසුව පක්ෂ ආධාරකරුවන් මැතිවරණ ප්‍රචාරක කාර්යාලය ඉදිරිපිටට ගොස් මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article