තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන ada.lk විසින් වාර්තා කොට තිබේ.
තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනපතිවරයා මේ බව සඳහන්ය.මේ අතර පසුගිය දිනක ජනපති ගෝඨාභය කියා තිබුනේ සමාජ මාධ්‍ය වල පළවන ජනපති නියෝග පිළිබද පුවත් සිය ජනමාධ්‍ය වල හෝ ජනපති මාධ්‍ය අංශය විසින් වාර්තා කොට ඇත්තේ නම් පමණක් පිළිගන්නා ලෙසය.මේ පිළිබද විවේචනය කරන ඇතැම් සමාජ ක්‍රියාකාරින් මේ පිළිබදව විවේචනය කරමින් සදහන් කර තිබුනේ මෙය සමාජ මාධ්‍ය වෙත සිදුකරන ලද අනියම් තර්ජනයක් දැයි මතුකරමිනි.