Saturday, March 7, 2026

ජනපතිට ‘ සිවරාම් ‘ අමතකද ?

Must read

මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් ඝාතනය කර වසර 20ක් සපිරෙන අතර ඔහු සිහිකිරීම පිණිස අද පෙරවරුවේදී  මාධ්‍ය සාකච්ජාවක් යාපනය මාධ්‍ය සමාජයේදි පැවැත්වුණි.ඉන් අනතුරුව සැමරුම සහ  විරෝධතාවයක් යාපනයේදී  යාපනය සුබ්‍රමනියම් උද්‍යානය අසල පිහිටි ජනමාධ්‍යවේදීන් සැමරි⁣මේ ස්මාරකය අසලදි සංවිධානය කර තිබුණි

යාපනය මාධ්‍ය සමාජයේ සභාපති සෙල්වකුමාර්, නැගෙනහිර මාධ්‍යවේදින්ගේ සංසදයේ සක්තිවේල්, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ප්‍රෙඩි ගමගේ සහ අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ සම්පත් සමරකෝන් මෙහිදි අදහස් දක්වන ලදි.

 

මෙම අවස්ථාවට උතුර,නැගෙනහිර සහ දකුණේ මාධ්‍යවේදීන්  එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ  මාධ්‍ය වේදීන් කියා සිටියේ  වත්මන් රජය සිවරාම් සම්බන්ධයෙන් දි ඇති පොරොන්දු ඉටුකර ඔවුන්ගේ අවංකභාවය රටට පෙන්වා දිය යුතු බවය.
යාපනය මාධ්‍ය සමාජයේ සභාපති සෙල්වකුමාර්, නැගෙනහිර මාධ්‍යවේදින්ගේ සංසදයේ සක්තිවේල්, වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ ප්‍රෙඩි ගමගේ වරණයට පෙර 2024 ඔක්තොබර් මාසයේදි මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩබලන ‌පොලිස් පති හට දැනුම් දි තිබුනේ සිවරාම් ඝාතන පරික්ෂණය ඇතුළු ප්‍රධාන පෙලේ සිදුවිම් 7 ක් ගැන කඩිනම් පරික්ෂණ පවත්වන ලෙසය.
   

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article