Tuesday, November 26, 2024

ජනපතිගෙන් නුදුරේම ගිනිකෙළි සංදර්ශන පෙළක්. දෙපැත්තේම ප්‍රධානීන් කීපදෙනෙක් වැලිකඩට !

Must read

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි සති දෙක තුළ අතිශයින්ම පෙරළිකාරී තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවත් තමන්ගේ සැබෑ බලය විදහා පෙන්වමින් ගන්නා එම ක්‍රියාමාර්ග හරහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ප්‍රධානීන් කිහිප දෙනෙකුටම අත් අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය හැකි බවත් ජනාධිපතිවරයාගේ සමීපතම දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරණය සඳහා මෙතෙක් දින නියම කිරීමක් සිදුව නැතත් දේශපාලන කරළිය උණුසුම් වෙමින් පවතී. එසේ ඇවිළෙන ගින්නට පෙරේදා දිනයේදී ජනාධිපතිවරයා විසින් ම භූමිතෙල් බාදියක් වත් කරනු අයුරු දක්නට ලැබුණේ නෙළුම් කුලුන විවෘත කරන අවස්ථාවේදීය.

2018 ඔක්තෝබර් මාසයේ සිට තමන් සමඟ පවතින එකඟතාව අනුව ජනාධිපතිවරයා තමන්ට අත නොතබනු ඇතැයි රාජපක්ෂ පවුල සිතා සිටින්නේ නම් එයා ඉතාම වැරදි මතයක් බව ජනාධිපතිවරයා විසින් ඔප්පු කර පෙන්වූයේ ගෝඨාගේ සමස්ත ප්‍රචාරණ ව්‍යාපාරයේ හිස මතටම කුළු ගෙඩි පහරක් හෙළමිනි. කොළඹ ලස්සන කිරීමේ සහ නෙළුම් කුලුනෙන් ශ්‍රී ලංකාව අනාගතයට ගෙනයාමේ ගෝඨාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් නෙළුම් කුලුන දකින වතාවක් පාසා කෝටි 200ක මුදල් වංචාවක් ගැන සිහියට එන තැනට ජනාධිපතිවරයා විසින් රටම පත් කෙරිණි.

මේ ආරම්භය පමණක් බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

බැඳුම්කර නඩු විභාගයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා අත් අඩංගුවට ගෙන සිරගත කිරීමේ සැලැස්මක් පවතින බව අපි මීට ඉහතදීත් පෙන්වා දුන්නෙමු. දැනට පවතින නව ප්‍රවණතා අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් කිහිප දෙනෙකුටමත් එම ඉරණමම අත්වීමට නියමිත බව අප වෙත වාර්තා විය.

ඊට අදාළ සියලුම නීතිමය සාධක, සාක්ෂි සහිතව ලිපිගොනු තමන් සන්තකයේ තබාගෙන, ජනාධිපතිවරයා නිසි මොහොත පැමිණෙන තෙක් කල්මරණ බවත් ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

 

(www.lankanewsweb.net)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article