Wednesday, January 22, 2025

ඡන්ද දායකයින්ට බෙදා හැරීමට ගෙනා සහල් තොගයක් අත්අඩංගුවට

Must read

මන්නාරම ප්‍රදේශයේ ඡන්ද දායකයින්ට බෙදා හැරීමට දේශපාලන පක්ෂයක් විසින් රැගෙන ආ වියළි ආහාර තොගයක් මන්නාරම – යාපනය ප්‍රධාන මාර්ගයේ අඩම්පන් පොලිසිය විසින් බදාදා (13) සවස වාහනයක තිබී සොයා ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ වාහනයක් පරීක්ෂා කිරීමේදී එම රථයේ තිබී වියළි ආහාර තොගයක් සොයාගෙන තිබෙනවා.

එම වියළි ආහාර ද්‍රව්‍ය දේශපාලන පක්‍ෂයක් විසින් ඡන්ද දායකයින් වෙත රැගෙන ආ ඒවා බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම තත්ත්වය මත පොලිසිය විසින් එම භාණ්ඩ අඩම්පන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් එම රථයේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයන් 290 දෙනෙකුට පමණ පිළිගැන්වීම සඳහා සකස් කර තිබූ සහල් බෑගය කිලෝග්‍රෑම් 5 ක්, පිටි කිලෝග්‍රෑම් 2 ක්, සීනි කිලෝග්‍රෑම් 1 ක්, රිංග්සෝ බෑගය ග්‍රෑම් 20 ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම භාණ්ඩ රුපියල් 6 ලක්ෂ 13,500 කට මිලදී ගෙන ඇති බව දැනගන්නට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අඩම්පන් පොලිසිය පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් සහ සොයා ගත් භාණ්ඩ මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article