Friday, January 10, 2025

චැනලින් ගාස්තු හා තවත් සේවාවන් කිහිපයක වැට් බද්ධ ඉවතට

Must read

වෛද්‍ය උපදේශන ගාස්තු, වැනලින් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත 2016 ජනවාරී මස 1 වන දා ක්‍රියාත්මකව තිබු  සියයට 15 ක් වු වැට් බද්ද ජූලි මස 1 වන දා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ බව සදහන් වූයේ අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අවස්ථාවේදීය.  ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් හා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදු කළ ඉල්ලීමක් මත ඉදිරිපත් වූ මෙම යෝජනාවට අද දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවූ බව මුදල් හා  ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එහදී කියා සිටියේය.

2016 වසරේ දී භාහිර රෝගී අංශය(OPD) සඳහා තිබු වැට් බදු වත්මන් රජය විසින් ඉවත් කළ බව  සදහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ 2016 වසරේ දී වෛද්‍ය උපදේශන ගාස්තු  හඳුන්වා දුන් අවස්ථාවේ දී රෝහල් කාමර ගාස්තු, වෛද්‍ය වෘත්තික ගාස්තු හා චැනල් ගාස්තු යන තෝරා ගත් සෞඛ්‍ය සේවා සැපයීමට වැට් බද්ද පණවනු ලැබු බවයි.

මෙම නව වැට් බදු සංශෝධනය යටතේ පෞද්ගලික රෝහල් කාමර ගාස්තු සඳහා පනවා ඇති බදු මුදල්වල කිසිදු වෙනස් වීමක් සිදුවන්නේ නැති බවත්ද අමාත්‍යවරයා සදහන් කලේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article