පාසල් වලට දරුවන් අැතුලත් කර ගැනීමට අදාල චක්රලේඛණයන්ට පටහැනිව ජාතික පාසල් 3ක් සදහා සිසු සිසුවියන් 3339ක් නීතිවිරෝධී අයුරින් ඇතුලත් කරගෙන ඇති බව වාර්ථා වෙයි
මේ අතරින් නිතිවිරෝධී ආකාරයෙන් වැඩිම සිසුන් පිරිසක් ඇතුලත් කරගෙන ඇත්තේ කුරුණෑගල මලියදේව බාලිකා ජාතික පාසලට වන අතර එම සංඛ්‍යාව 242කි.ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට සිසුන් 219ක්ද,කුරුණෑගල මලියදේව පිරිමි විදයාලයට සිසුන් 193ක්ද,මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට සිසුන් 143ක්ද, කිරිබත්ගෝ විහාරමහදේවී බාලිකා පාසලට සිසුන් 138ක්ද නීතිවිරෝධී ආකාරයෙන් අැතුලත් කරගෙන ඇත.
මේ ආකාරයෙන් තවත් ඉතිරි පාසල් සදහා ද සිසුන් ඇතුලත් වී සිටින අතර මෙම සිසුන් ඇතුලත් කරගෙන ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ 2008/37 චක්‍රලේඛයට අනුව පාසලක සාමාන්තර පන්තියක සිටිය යුතු අවම සිසුන් සංඛ්‍යාව ඉක්මවා යමිනි.
(srilankamirror.com හි පලවූ ලිපියක් ඇසුරිණි.)