Wednesday, January 15, 2025

ගෝඨා තවත් සංවාදයක් මගහරියි

Must read

දිගින් දිගටම ප්‍රසිද්ධ සංවාදයන් මගහරිමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාය රාජපක්ෂ මහතා ඊයේ (07) දිනයේදී පැවැති ව්‍යාපාරික ප්‍රජාවේ හමුවට සහභාගී වූයේද නැත. සිය සහෝදරයා වන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහයකින් තොරව ප්‍රසිද්ධ සංවාදයකට මුහුණ දීමට නොහැකි තත්වයක් පෙන්නුම් කර ඇති ගෝඨාභය මහත් ඒ බව දිගින් දිගටම ඔප්පු කරමින් සිටියි.

ජනාධිපතිවරණ අපේක්ෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාව අතර සංවාදශීලී හමුවක් වශයෙන් පැවති මෙම හමුවට  සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, ආචාර්ය අජන්තා පෙරේරා සහ රොහාන් පල්ලෙවත්ත යන අපේක්ෂකයින් සහභාගී වී සිටි අතර මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සහභාගී වූයේ ඔහුගේ පක්ෂයේ ලේකම් ගාමිණී ගුණවර්ධන මහතාය. තමන්සහභාගී නොවන බවට වන පණිවිඩයක් පමණක් ගෝඨාභය මහතා විසින් එවා තිබිණි.

මීටපෙර සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මාර්තු 12 සංවාදයට ද ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණි අතර ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාස මහතා කර ඇති අභියෝගයටද ගෝඨාභය මහතාගෙන් මේ වන තෙක් පිළිතුරුක් නොමැත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article