හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය අත්අහල බවට ඇමරිකාව විසින් නිකුත් කලායැයි පවසෙන ලියකියවිලි ලබන අගෝස්තු 11වනදාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීම සදහා එළඹෙන සතියේ ආරම්භ කිරීමට ගෝඨාභය මහතාට පක්ෂපාතී පුවත්පතක් යොදාගැනීමට සැරසෙන බව වාර්ථා වෙයි.
පොදුජන පෙරමුණ පවසන්නේ ගෝඨාභය මහතගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්දයෙන් වන අසත්‍ය තොරතුරු සදහා පිලිතුරු ලබාදීමට මෙලෙස මෙම ලියකියවිලි ප්‍රසිද්ධියට පත් කරන බවයි.
කෙසේ වෙතත් ඇමරිකාව විසින් පසුගිය කාර්තුවේදී ඇමරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයන්ගේ නම් ඇතුලත් කරගනිමින් නිකුත්කල වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සදහන් නොවුන බව මාධ්‍ය විසින් වාර්තා කෙරිණි. මෙම වාර්ථාව නැවතත් ඇමරිකාව විසින් නිකුත් කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන සැප්තැම්බර් මාසයේදීය.