Friday, January 10, 2025

ගෝඨාට ඡන්දය දෙන්නැයි කී වරදරාජා පෙරුමාල්ට ඉදල් ප්‍රහාරයක්

Must read

උතුරු පළාත් සභාවේ සිටි පළමු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සැලකෙන වරදරාජා පෙරුමාල් මහතා සිදුකල ප්‍රකාශයක් හේතුවෙන් ඔහුට දැඩි විරෝධයක් උතුරේ දමිළ ජනතාවගෙන් එල්ලවෙමින් තිබෙන බව වාර්ථා වෙයි. එයට හේතුව වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ කරන ලෙස වරධරාජා පෙරුමාල් මහතා දෙමල වැසියන්ගෙන් ඉල්ලීමක් සිදුකිරීමයි. මෙම ඉල්ලීමට දැඩි ලෙස විරෝධය පල කරන දමිළ ජනතාව ප්‍රමුඛ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතී සංගමය සහ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර එහිදී වරදරාජා පෙරුමාල් මහතාව වදුරකුගේ ආකෘතියකට නගා එම ආකෘතිය පොලොවේ ගසමින් හා ඒ ආකෘතියටද ඉදල්වලින් ගසමින් කාන්තාවන් සිය විරෝධය පල කලෝය. එමෙන්ම වරෙක උතුරු පළාත් සභාව අතහැර පලාගිය පුද්ගලයෙකු වන වරදරාජා පෙරුමාල් මහතාට දෙමළ ජනතාවට ආමන්ත්‍රණය කිරීමට සදාචාරාත්මක එයිතියක් නැති බවද ඔවුන් ප්‍රකාශ කලෝය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article