Monday, January 13, 2025

ගෝඨාගේ ඡන්ද පත්‍රිකා නාමල්ගේ අත්සනින්

Must read

සිය නිලමුද්‍රාව ව්‍යාජව යොදාගනිමින් , පාර්ලිමේන්තු මන්ත්‍රී මුද්දර භාවිත කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභය රාජපක්‍ෂගේ මැතිවරණ පත්‍රිකා යැවීම පිළිබඳ වහා විධිමත් පරීක්‍ෂණයක් පවත්වා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළ බව එක්සත් ජාතික පක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායක , තංගල්ල ප්‍රධාන සංවිධායක රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය. තංගල්ල ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (03) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී දිලිප් වෙදආරච්චි මහතා මෙම කරුණු අනාවරණය කළේය .

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිප් වෙදආරච්චි මැතිතුමා . ‘ලබන 16 දින පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් නියත වශයෙන් ජයගන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා බව රටම දන්නා ඇත්ත . මේ නිසා අද පොහොට්ටුව කාලකන්ණි දේශපාලන ව්‍යාපාරයක නිරත වෙමින් ස්වයං වින්දනයක් ලබමින් සිටිනවා . මෙවැනි ජයක් ලබන විටදී රාජපක්‍ෂවරුන්ගේ බලකොටුවක් කියලා ඒ අයම කියපු හම්බන්තොට දිස්ත්‍රික්කයත් අපි ජයගන්නවා . මේ නිසා ඒ පොහොට්ටු කල්ලිය ජනතාව මුලාකරන්න පුළුවන් ඕනෑම නොහොබිනා කටයුත්තක් කරන්න පෙළඹිලා ඉන්නවා ‘

‘එවන් අන්ත පරාජයක් ලබන බව දන්නා පොහොට්ටුවේ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා මගේ නිල මුද්‍රාව ඉතා වංචනිකව යොදාගෙන , මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන මුද්දර භාවිත කරමින් නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාගේ අත්සනින් ගෝඨාභයට ඡන්දය දෙන්න කියලා ලිපියක් මම යවන විදියට ජනතාවට යවලා . එවැනි ලිපි කිහිපයක් අපිට ලැබිලා තියෙනවා . මේක මහා කුමන්ත්‍රණයක් . මේ ලියුම යවලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ගෙවල් වලට. මෙවැනි කුප්‍රකට දේශපාලන කුපාඩිකම් වල යෙදීම නාමල් රාජපක්‍ෂ වැනි මන්ත්‍රීවරුන්ට කිසිසේත් නොවටිනා ක්‍රියාවක් . වායු සමනය කළ කාමර වල ඉදලා නීති විභාගය ලියුවත් , මෙවැනි නින්දිත , පහත් , අසික්කිත , වැඩ කරන්න එපා කියලා මම නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීතුමාට කියනවා.‘

‘මෙවැනි කුප්‍රකට ක්‍රියාවලින් මේ දකුණේ මිනිස්සු රවට්ටන්න බැහැ . හම්බන්තොට ජනතාව නැවත මෙවර රවට්ටන්න ලැබෙන්නේ නැහැ . මොකද කිසි බේදයකින් තොරව සියළු ජන කොටස් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටිනවා . එවැනි තත්වයක් හමුවේ මෙවැනි ලද බොළඳ වැඩ මගින් ජනතාව රවට්ටලා ඡන්දය ගන්න හිතන් ඉන්නවනම් ඒ තරම් රැවටීමක් තවත් නැහැ . ඒ නිසා දැන් ඉතාම පැහැදිලියි ජනතාව රවටන්නේ කවුද කියලා . මෙවැනි කුමන්ත්‍රණ පිළිබඳ පොහොට්ටුවේ කල්ලියට හොඳ අත්දැකීම් තියෙනවා . මොකද ඉතිහාසයේ ඉඳලම මේ විදිහට තමයි ඡන්දය කොල්ල කෑවේ. ‘ යැයි මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළ දිලිප් වෙදආරච්චි මහතා මේ පිළිබඳ ජාතික මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කළ බවත් සඳහන් කළේය .

ඊට අමතරව මේ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු පක්‍ෂයේ නීති කණ්ඩායම් ක්‍රියා කරගෙන යන බවත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය . මෙවැනි කුඨ ලිපි තැපෑලෙන් ලැබුණු පාක්‍ෂිකයන් කිහිප දෙනෙකු ද මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ .

(dinamina.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article