Sunday, January 5, 2025

ගිය ආණ්ඩුව වගේ වුණොත් මේ ආණ්ඩුවට විරුද්ධවත් අරගල කරනවා – උතුරේ ධිවරයෝ කියති.

Must read

ගිය ආණ්ඩුව වගේ වුනොත් මේ ආණ්ඩුවට විරුද්ධවත් අරගල කරන්න ධිවර ජනතාවට සිද්ධවෙනවා යැයි වඩමරාච්චි මාධ්‍ය සමාජයේ  ඊයේ ( 24 ) පැවැති  මාධ්‍ය හමුකදි උතුරේ ධිවර නායකයන් අවධාරණය කර සිටියහ.

මේ අතරතුර අදහස් දැක්වූ එන්.වර්ණකුලසිංහම් මෙසේ පවසා සිටියේය

අපි ඊයේ  ධිවර හා ජල සම්පත් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර ධීවර හා ජල සම්පත සම්බන්ධයෙන් දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති නීති ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා තිබෙනවා. මීට අමතරව රටේ බොහෝ දෙපාර්තමේන්තු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ දූෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. උතුරේ ධිවර ජල සම්පත් දෙපාර්තුමේන්තුව මත යැපෙන රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ මැති ඇමතිවරුන් නීතිවිරෝධී ක්‍රියා සහ වංචා රැසකට සම්බන්ධ බව ප්‍රකටය. ඇයි මේ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත්තේ.

උතුරේ ධිවර් ක්ෂේත්‍රයට අදාල කටයුතු කරන නිලධාරින් දුෂිත ක්‍රියාමාර්ග ගැනද මෙහිදි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කලාන්තරයක් තිස්සේ උතුරේ ධිවරයන් බලපාන ප්‍රධානතම ගැටළුවක් වු ඉන්දීය ට්‍රොලර් විසින් උතුරේ මුහුදේ සම්පත් කොල්ල කැමට අදාලව කඩිනම් පියවර ගැනිමට නව රජය ක්‍රියාත්මක වියයුතුය

පසුගිය රජය මෙන් මේ රජය කටයුතු කළහොත් ධීවර ජනතාවට මෙම රජයට එරෙහිව සටන් කිරීමට සිදුවන බව අපි ඔබට දන්වා සිටිමු යැයි මෙම මාධ්‍ය හමුව අවසානයේ උතුරු ධිවර  ආහාර සමුපකාර සංගමයේ උප සභාපති වර්ණකුලසිංහම් යළිත් වරක් අවධාරණය කර සිටියේය

මති – කොඩිකාමම්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article