Friday, November 15, 2024

ග්‍රාම සේවක සහතික ගන්න තිබුණ කරදරේ ඉවරයි ! ප්‍රා.ලේ . ගේ අත්සන දැන් අනවශ්‍යයි !

Must read

පදිංචිය සහතික කිරිම සඳහා ග්‍රාම නිලධාරිවරයා විසින් ලබා දෙනු ලබන සහතිකය මින් ඉදිරියට ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කිරිමක් සිදු නොකළ යුතු බව රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන බව අද දෙරණ වාර්ථා කර තිබිණ.

ඔහු පවසන්නේ අදාල පදිංචි කිරිම සනාථ කිරිම සඳහා ලබා දෙන සහතිකය ග්‍රාම නිලධාරිවරයා පමණක් සහතික කිරිම ප්‍රමාණවත් වන බවයි.

ඒ අනුව ජනතාවට රාජ්‍ය සේවය පහසුවෙන් කර ගත හැකි ආකාරයට ගත් එක් පියවරක් ලෙස මෙය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පදිංචිය තහවුරු කරන මෙම ලියවිල්ල සනාත කර ගැනීමට ග්‍රාම සේවක විසින් ලබා දීමෙන් අනතුරව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යා යුතු බවත් මෙයින් ජනතාවට විශාල අපහසුතාවයක් ඇති වෙන බවත් පැවසු අමාත්‍යවරයා, ඒ අනුව මේ සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් කියා සිටියේය.

ඒ අනුව පදිංචි සහතිකය ග්‍රාම සේවකයින්ට නිකුත් කළ හැකි අතර එය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනු අත්සන් තැබීම අනවශ්‍ය බවත් ඒ අනුව ග්‍රාමසේවක සහතිකය පමණක් පිළිගන්නා බවත් එම චක්‍රලේඛය තුළ සඳහන් වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටි
මුලාශ්‍රය -අද දෙරණ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article