Sunday, September 22, 2024

ගල්ගමුවේදී වෑන් රථයක් ගසක ගැටීමෙන් 12 දෙනෙකු රෝහල්ගත කෙරේ.

Must read

 

ජාඇළ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වී ආපසු නිවෙස් බලා යමින් සිටි පිරිසක් ගමන්ගත් වෑන් රථයක් ගල්ගමුව පොල ආසන්නයේදී අනතුරට ලක්ව එම රථයේ ගමන්ගත් 12 දෙනෙකු රෝහල්ගත කර ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

තුවාල ලැබූවන් එම අවස්ථාවේදීම ගල්ගමුව මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් සියළු දෙනාම එම අවස්ථාවේදීම අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. මෙම අනතුරට හේතුවී ඇත්තේ රියදුරට නින්ද යෑම බව පවසන පොලීසිය සිදුවීම සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂන පවත්වයි.

IMG 0105

 

ඡායාරූප – ක්‍රිෂාන් මන්නපෙරුම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article