මීරිගම බාඳුරාගොඩ නීතිවිරෝධී කසිප්පු තිප්පොලකින් කසිප්පු පානය කිරීමෙන් අනතුරුව පුද්ගලයින් 11 දෙනෙක් මියගොස් 20 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම නීතිවිරෝධී මත්පැන් අලෙවිසැල් වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මේ අනුව ගම්පහ, ජාඇල, මීගමුව, මීරිගම, දිවුලපිටිය සුරාබදු ස්ථානවලින් කණ්ඩායම් පහක් පසුගිය 04 වනදා සිට පැය 24ක කාලසීමාවක් පුරා මෙම වැටලීම් සදහා යොදවා ඇත.ඉදිරියේදී මෙම වැටලීම් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.