Tuesday, January 7, 2025

ගංවතුර නිසා විපතට පත් මන්නාරමේ ජනයා වෙනුවෙන් සුබසාධන මධ්‍යස්ථාන 28 ක් !

Must read

 

(12.05 pm  ) මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට අනුව මන්නාරම දිස්ත්‍රික්කයේ අඛණ්ඩව පවතින අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් විපතට පත් පවුල් 812කට අයත් පුද්ගලයින් දෙදහස් 681 දෙනෙකු ඉරිදා (1) දිනය දක්වා සුබසාධන මධ්‍යස්ථාන 28ක ජීවත් වෙති.

– පසුගිය මස 23 වැනි දින සිට ඊයේ සෙනසුරාදා (30දා) දක්වා මන්නාරම දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 19,811කට අයත් පුද්ගලයන් 68,334ක් පීඩාවට පත්ව සිටිති.

ඔවුන් අතරින් පුද්ගලයින් 10,263 දෙනෙකු දැඩි ලෙස පීඩාවට පත් වූ අතර ඔවුන්ට සුබසාධන මධ්‍යස්ථාන 69 ක නවාතැන් ලබා දී ඇත.

මේ තත්ත්වය තුළ ගංවතුර ක්‍රමයෙන් පහව ගිය නිසා විපතට පත් ජනතාව තම නිවෙස් වෙත ගියහ.

මේ තත්ත්වය මත ඉරිදා (1) පස්වරුව දක්වා සුබසාධන මධ්‍යස්ථාන 28ක පවුල් 812කට අයත් පුද්ගලයන් දෙදහස් 681ක් ජීවත් වෙති.

එමෙන්ම මේ වන විට පවුල් 3,796කට අයත් පුද්ගලයින් 13,57 දෙනෙකු ඥාතීන්ගේ සහ හිතමිතුරන්ගේ නිවෙස්වල ජීවත් වන බව මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම නානාටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මඩුක්කරෙයි ගම්මානයේ මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාන්විතය හේතුවෙන් පසුගිය සිකුරාදා එම ගම්මානයේ නිවසක් සහ මාර්ගයක් දැවැන්ත ව්‍යසනයකින් ආරක්ෂා වී තිබෙනවා.

මෙම තත්ත්වය තුළ මන්නාරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ කේ.දිලීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම කඩිනම් ක්‍රියාමාර්ගයක් ගෙන ජලය ගලායාම සම්පූර්ණයෙන්ම නතර කිරීම හේතුවෙන් මඩුක්කරෙයි ගම්මානය සහ එම නිවස එකී ව්‍යසනයෙන් ආරක්ෂා වී තිබීම විශේෂත්වයකි.

(මන්නාරම වාර්තාකරු එස්.ආර්. ලැම්බට් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article