මුලතිව් දිස්ත්‍රික්කයේ කරිදුරෙයිපත්රු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොක්කිලායි සිට නයාරු දක්වා වූ ගම්මානවල කිලෝමීටර් 12ක් දිග මුහුදු තීරයේ නිජබිම් අක්කර 1000ක් පමණ ඛනිජ වැලි කැණීම් නාමයෙන් පවරා ගැනීමේ රජයේ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස බලකරමින් විරෝධතාවයක් අද (12) වනදා කෝකිලායි හිදී පවත්වන ලදී.
, ආරක්ෂක අමාත්‍යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය යාන්ත්‍රණය හරහා සැලසුම් සහගතව ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් දැනටමත් ප්‍රශ්නයට ලක්ව ඇති ද්‍රවිඩ ජනතාවගේ මායිම් ගම්මානවල ඛනිජ වැලි සංස්ථාවලට අමතරව ඉඩම් කට්ටි පවරා ගැනීමට රජය සැලසුම් කරමින් සිටින බව උතුරේ ජනයා පවසයි.
එබැවින් දෙමළ ජනතාවට අයත් මෙම ඉඩම් ආක්‍රමණය කිරීමට එරෙහිව කොක්කිලායි ගම්වාසීහු අද විරෝධය පළ කරන ලදී. විරෝධතාවයට සහභාගී වූ ජනයා පවසා සිටියේ
අපේ සම්පත් සුරාකෑම තමයි මෙතන රගදැක්වෙන්නේ, අපේ ඉඩම් විනාශ කරන එකයි මේ කරන්නේ අපේ ඉඩම නැති වුණොත් අපේ ශක්තිය නැති වෙනවා.”
හිටපු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන් ඇතුළු ආගමික නායකයන්, පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක තවතිරු වේලන් ස්වාමි ඇතුළු ආගමික නායකයන්, කෝකිලායි ගම්වාසීන්ට එරෙහි අරගලයට ජනතාව සමඟ එක්ව සිටිති.