Sunday, December 22, 2024

කෝනාවිල්  ප්‍රදේශයේ කිරි ගොවියන් විරෝධතාවයේ

Must read


කිලිනොච්චිය ප්‍රෙද්ශයේ ,කෝනාවිල්  ප්‍රදේශයේ කිරි ගොවියන් සිය කිරිගොවියන් කිරි හරක් සම්බන්ධකරගෙන  අමුතු ආකාරයේ විරෝධතාවයක නිරතවීම අද (02) සිදුකළහ.
කෝනාවිල් ප්‍රදේශයේ කිරි ගොවියන් පැවසූවේ තමන්ගේ කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
වී වගාව හා ගෙවතු වගාවෙන් කෝනාවිල් ප්‍රදේශයේ බහුතරයක් පිරිස ජිවිකාව සරි කරගැනීම හේතුවෙන්, කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට ස්ථානයක් නොමැති බව විරෝධතාවයට එක්වු කිරි ගොවියන් සඳහන් කළහ.
කිරි ගවයින් ඇති කරන පිරිස් වෙත තණකොළ ලබා ගැනීමට ස්ථානයක් වෙන්කරදෙන බවට අවස්ථා ගණනාවකදි බළධාරීන් සඳහන් කළත්, අදාළ පොරොන්දු මේ දක්වා ඉටුවි නොමැති බව කිරි ගොවියන් පැවසූහ.
ගොවි ජනතාව වී වගා කළහොත්, ප්‍රදේශයේ කිරි ගොවියන්ට තමන්ගේ ගවයින් මුදා හැරීමට ස්ථානයක් නොමැතිවීම හේතුවෙන්,ගවයින්ට තණකොළ කෑමට ස්ථානයක් නොමැති බවද විරෝධතාවයට එක්වූවන් පැවසූහ.
එබැවින් කිරි ගවයින්ට තණකොළ ලබා ගැනීමට ප්‍රදේශයේ ස්ථානයක් වෙන්කරදෙන මෙන් ගවයින් ඇති කරන්නන් ඉල්ලීම් කළහ.
විරෝධතාවයට එක්වු කිරි ගොවියන් ගවයින්ගේ පිටේ විරෝධතා පුවරු එල්ලා ගනිමින් විරෝධතාවයේ නිරතව සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article