Wednesday, January 1, 2025

කොරෝනා ⁣රෝගීන්ගේ සහයට ඇඹිලිපිටියෙන් රොබෝ කෙනෙක්

Must read

 

රෝගීන් ළඟට ගොස් ප්‍රතිකාර කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ තේජන දෙව්මිණ සිසුවා සමත්ව ඇත. ඔහු අයි.ටී. තාක්ෂණය හදාරන සිසුවෙකි.

මෙම සිසුවා මිද්දෙණිය සපුගහයායේ පදිංචි එස්.ආර්. රේණුක නිලන්ත සහ ඩී.ඒ. වයලා ශ්‍රීමතී දෙපොළගේ වැඩිමල් පුතුය.

රෝගියාගේ ලේ සාම්පල් ලබා ගැනීම, ඖෂධ ලබාදීම මෙන්ම රෝගියා සමඟ දුරකතනයෙන් සම්බන්ධවීම ඇතුළු තවත් බොහෝ කාරණා මෙම රොබෝ යන්ත්‍රය මගින් සිදුකළ හැකි බව තේජන සිසුවා පවසයි.

මෙම කුඩා රොබෝ යන්ත්‍රය වැඩි දියුණු කර විශාලත්වයෙන් නිර්මාණය කිරීම ඔහුගේ අදහස විය.

මෙම පුවත සැලවීමත් සමග යුධ හමුදාව මෙම සිසුවාගේ නිවෙසට ගොස් හෝමාගම යුද හමුදා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වෙත සිසුවාගේ පියාත් සමග රැගෙන ගොස් ඇත. මෙම රොබෝ යන්ත්‍රය සම්බන්ධයෙන් ඊයේ (01දා) පර්‌යේෂණ කණ්ඩායමක් පැමිණ විධිමත්ව කරුණු සොයා බලා තිබේ.

තේජනගේ මෙම නව සොයා ගැනීම සමාජයට මෙහෙවරක් කළ හැකි අයුරින් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු අදාළ අංශයන් මගින් දියත් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව තේජනගේ පියා පවසයි.

තේජනගේ පියා ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ගුරුවරයෙකි. මව මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකි. තේජනට තවත් බාල සහෝදරියක් ඇත. ඇය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

මෙම රොබෝ යන්ත්‍රය නිසියාකාරව නිර්මාණය කළහොත් කොරෝණා රෝගීන්ගේ සියලු සේවාවන් එමගින් ඉටුකළ හැකි බව සිසුවා පවසයි.

(Aruna.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article