Saturday, January 11, 2025

කොරෝනා බියෙන් පීඩාවිදින නැගෙනහිර ජනයාට අධික වර්ෂාවෙනුත් පීඩා

Must read


අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණෙයි, සමන්තුරෙයි, අක්කරෙයිපත්තු ප්‍රදේශවලට ඊයේ (01) සිට තද වැසි සහ තද සුළං අපේක්ෂා කෙරේ. එම ප්‍රදේශ වල  පහත් බිම් ජලයෙන් යටවී ගංවතුර  තත්ත්වයක  අවදානමට හේතු වී තිබේ.

මේ වන විටත් කොරෝනා බියෙන් පීඩාවට පත් ජනතාව අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටිති. මේ අතර, නැගෙනහිර පළාතේ සියලුම පාසල් ඊයේ (01) සිට ඉරිදා දක්වා දින තුනක් වසා තබන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් විසින්   පළාත් අධ්‍යාපන නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇතිවීමට නියමිත කුණාටුවක  අනතුරු ඇඟවීමක හේතුවෙන් මෙම පළාතේ ජනතාවට ඇති අවදානම අවම කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරන ලදී.
මේ වන විටත් කොරෝනා බියෙන් පීඩාවට පත් ජනතාව අධික වර්ෂාව හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article