Saturday, September 21, 2024

කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට

Must read

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ. මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙම මධ්‍යස්ථානයේ නවතා එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනීමට ඉඩ සලසා දි තිබේ. මෙය මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකර ඇත.

අන්තර්ජාලය මගින් ප්‍රවේශ ලත් වෙන් කිරිම,ස්වයංක්‍රීය ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ පහසුව,විවේකාගාර ,සනීපාරක්ෂක පහසුකම්,පුවරු මත නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරිමේ නිවේදන ප්‍රදර්ශණය වීම, ජී.පී. එස් මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස් රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනිමට හැකි විම,දුම්රියේ හා බස්රියේ එකම ප්‍රෙව්ශ පත්‍රයකින් ගමන් කළ හැකි විම,බැංකු පහසුකම් , ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදි පහසුකම් රැසක් මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන මගින් ලබා ගත හැක.

මෙවැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිරියේදී  පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර,කඩවත,කටුනායක,දහ අටේ කණුව ආදී ප්‍රදේශ වල ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article